නිතර ඇතිවන මල බද්ධය සුව කරගන්නා හැටි (How to prevent Constipation)

නිතර ඇතිවන මල බද්ධය සුව කරගන්නා හැටි

අපගේ ආහාර පාන රටාවේ මතුව ඇති වෙනස්‌කම් නිසා වර්තමානයේ අප බොහෝ දෙනා නොයෙකුත් රෝගාබාධවලින් පීඩා විඳින්නෙමු. ඒ අතර මල බද්ධයද පුමුඛස්‌ථානයක පවතී.

මල බද්ධය ඇති වීමට අපගේ ලංකික අහර රටාව වෙනස් වීම විශාල බලපෑමක් සිදුකර ඇත. අප අතර බොහෝ දෙනා උදැසන අවදිවූ මොහොතේ සිට සවස නින්දට යාම දක්‌වා ආහාරයට ගන්නේ රසයනක නිපදවූ දෑ කලවමු වූ  ශනික ආහාර පාන සහ පිටි බහුල ආහාර පාන වර්ගය මෙයට බලපෑ හැක.

මෙවැනි ආහාර ගැනීම නිසා අපගේ ආහාර ජීර්ණ පද්ධතිය අසාමාන්‍ය තත්ත්වයට පත්වේ.

කන ආහාර කුඩා අන්ත්‍රය තුලින් ගොස් මහා අන්ත්‍රයට ඇතුළු වේ. ඉහත රුපයේ පෙනවා ඇති මහා අන්ත්‍රයේදී ජලය උරා ගැනීම සිදු වේ. කෙදි සහිත අහාර ජීරණයට බොහෝ කල් ගත වන නිසා මහා අන්ත්‍රය තුලදී පහසුවෙන් මලපහ ගමන් කරයි. අපගේ  පිටි සහිත ආහාරවල කෙඳි සහිත බව නැති නිසා බඩවැල් තුළදී නිසි ලෙස ජීර්ණය නොවී බඩවැල්හි තැන තැන මල තැන්පත්වේ.

සාමාන්‍යයෙන් අප උදැසන අවදිවී පිරිසිදු ජලය වීදුරුවක්‌ පානය කර මුත්‍රා කිරීම සහ මලපහ කිරීම තුළින් පෙර දිනයේ ශරීරයේ තැන්පත්ව තිබූ අපද්‍රව්‍ය කොටස්‌ ඉවත් කළ හැකිය.

නමුත් අප ගනු ලබන වැරදි ආහාර වර්ග නිසා නිසි ලෙස මල පිට නොවේ. එවිට මල පිට වීම අක්‍රමවත් වී මල බද්ධය ඇතිවේ.

තවද  ආමාශයට ආහාරයක්‌ ඇතුළු වූ පසු එය ජීර්ණය සඳහා අඩුම තරමින් පැය හයක්‌වත් අවශ්‍යවේ. නමුත් වර්තමානයේ අප ගනු ලබන පිටි සහිත ආහාර වර්ග ශරීරයට ඉතා ඉක්‌මනින් ජීර්ණයවේ. ඉන් සිදු වන්නේ ආමාශය වැඩි කාලයක්‌ හිස්‌ව පැවතීමය. එවිට ආමාශයික යුෂ නිකුත්වී බඩ දැවිල්ල හටගනී.

මල බද්ධය ඇතිවූ විට බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, කොන්දේ වේදනාව, හිසරදය ආදිය ඇතිවේ.

මල බද්ධයෙන් මිදෙන්නේ කෙසේද?

  • මල බද්ධයෙන් මිදීම සඳහා අප කෙඳි සහිත එළවළු, පලතුරු ආදිය දිනපතා ආහාරයට ගත යුතුයි.
  • හීන් කොහිල අල හා දඬු මල බද්ධය සඳහා ඉතා ගුණදායකය.
  • බාගෙට ඉදුණු පැපොල් ව්‍යංජනයක්‌ ලෙස හෝ මැල්ලුමක්‌ ලෙස සාදා ගෙන දිනපතා ආහාර එක්‌ කර ගත හැකිය.පැපොල් ආහාරයට ගැනීමත් ඉතා ප්‍රය්ජන්වත් වේ.
  • කහට ගෙඩි ව්‍යංජනයක්‌, කෙසෙල් මුව, කෙසෙල් බඩ, කෙසෙල් මුල් ව්‍යංජන ලෙස සාදා ගෙන ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.

මල බද්ධය නිසි ලෙස පාලනය නොකළහොත් අර්ශස්‌ රෝගය දක්‌වා වර්ධනය විය හැකියි. එය ඉතා වේදනාකාරී රෝගයකි. අර්ශස්‌ ඇති අයකුට දිනපතා යකි නාරං කොළ, උඳුපියළිය කොළ, ඇඹරැල්ලා කොළ, නික කොළ පාවට්‌ටා (ආඩ තෝඩ) කොළ, වද කහ, සැවැන්දරා හා සුවඳ කොට්‌ටං මුල් සමව දමා හොඳින් තම්බා නිවාගත් ජලයෙන් ගුද මාර්ගය රාත්‍රි නින්දට පෙර සෝදා පිරිසිදු කර ගැනීමෙන් මතුව ඇති අපහසුතා මඟහරවා ගත හැකිය.

මොරටුව අඟුලාන සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ 
වෛද්‍ය මහාචාර්ය  ජිනසිරි ලියන්වෙල -011-2632225

2016/10/15 දිවයින සායනය ඇසුරිනි

Changes in our Sri Lankan diet have had a major impact on constipation. Most of us used to eat instant food  based on chemicals or food mostly consist of flour from the moment we wake up in the morning until we go to bed in the evening.

Eating like this makes our digestive system abnormal.

The food eaten goes through the small intestine and enters the large intestine. Water is absorbed in the large intestine as shown in the figure above. Fiber-laden foods take a long time to digest, making it easier to pass stool in the large intestine. Due to the lack of fiber in our floury foods, it is not properly digested in the intestines and feces accumulate in the intestines.

How to get rid of constipation?

  • To get rid of constipation we should eat fibrous vegetables, fruits etc. daily.
  • Heen kohila(Lasia) tubers and stalks are very good for constipation.
  • Half ripe papaya can be made into a curry or mallow and added to daily meals. Eating papaya is also very beneficial.
  • It is very beneficial to eat bitter fruit curry made with banana mouth, banana belly and banana root curry.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *