මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම (Rehabilitation of Substance Abuse)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම

හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පනස්‌ දහසක පමණ පිරිසක්‌ ශ්‍රී ලංකාවේ සිටින බව හඳුනාගෙන ඇති බව මෙම 2016 ලිපිය ලියවන කොට හඳුනාගෙන ඇත. වයස අවුරුදු 17 ත් 50 ත් අතර වියේ පසුවන මොවුන්ගෙන් බහුතරය පිරිමින්ය. මෙවැනි අයකු යම් පවුලක සිටී නම් එම පවුලේ සෙසු සාමාජිකයන් ජීවත්වන්නේ දැඩි පීඩාවකිනි. මොවුන් නිසා සමාජයටද විශාල බලපෑමක් වේ. දැනට බොහෝ බස් රථ රියෝදුරෝ මතට ඇබ්බැහි වූ වෝ බව පෙනුමෙන් හඳුනා ගත හැක. එනිසා නිතරම සැවොම උත්සාහ කරනුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තැනැත්තා පුනරුත්ථාපනය කරවීමටය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේදී ශ්‍රී ලංකාවේ අපට බහුලවම හමුවන්නේ හෙරොයින් මත්ද්‍රව්‍යයන්ට සහ ගංජාවලට ඇබ්බැහිවූවන් බව ලිපිය  කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු පුනරුත්ථාපනය කරන්නේ කෙසේද?

මේ බොහෝ දෙදෙනක්‌ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇත්තේ මත්ද්‍රව්‍ය ගැනීම නිසා ලබාගත හැකි බව පවසන සතුටක්‌ බලාපොරොත්තුවෙන්. නමුත් මත්ද්‍රව්‍ය ගැනීම නිසා ලැබෙන සතුටක්‌ නැහැ.සත්‍ය ලේස සිදුවන්නේ ඔවුනගේ හැඟීම තාවකාලිකව මොට වීමයි . දිගු කාලීනව  සිදුවන්නේ ශාරීරිකව සහ මානසිකව දුර්වල වී අකාලයේ මරණයට පත්වීම පමණි.

එනිසා මොවුන් මත්ද්‍රව්‍ය මගින් සතුටක්‌ බලාපොරොත්තු වන්නේ ඇයි දැයි කියා පළමුව විමසා බැලීම තමයි පුනරුත්ථාපනයේදී සිදු කරන්නෙ. එහිදී හෙළිවන තොරතුරු අනුව, ඔවුනට මානසික උපදේශනය ලබා දෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීමේදී මෙම මානසික උපදේශනය ඉතා වැදගත් වෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මනස විකෘති තත්ත්වයට පත්වෙනවාද?

හෙරොයින් මත්ද්‍රව්‍ය කියන්නේ ප්‍රබල වේදනා නාශකයක්‌. මෙවැනි මත්ද්‍රව්‍ය ගත්විට වේදනාව දැනීම අඩුයි. එනිසා මෙවැනි මත්ද්‍රව්‍ය ගත් අය තමා තුළ පවතින වෙනත් රෝගවලට ප්‍රතිකාර ලබාගන්නෙ නැහැ. එවිට එම රෝග උත්සන්න වෙනවා.

ගංජා මත්ද්‍රව්‍ය නිසා මනස විකෘති වීමට ඇති ඉඩකඩ වැඩියි. ගංජා භාවිතය දිගු කලක්‌ සිදුකරන පුද්ගලයන් පසු කාලයකදී උන්මත්තක තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙනවා.

පුනරුත්ථාපනයේදී කායික වශයෙන් පීඩාවට පත්කරනු ලබනවාද?

මෙය බොහෝ දෙනා තුළ පවතින වැරදි මතයක්‌. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයේදී ගස්‌ බඳිනවා. අතපය බැඳ දමා සිරකරනවා වැනි හිංසාවන් සිදුකරන බව ඇතැම් දෙනා පවසනවා. එය වැරදියි. පුනරුත්ථාපනයේදී මූලික වශයෙන් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ගැනීම නිසා සිදුවන කායික සහ මානසික දුර්වලතාවන් පිළිබඳව එම පුද්ගලයාට අවබෝධ කරදීමත්, මත්ද්‍රව්‍යවලට යොමුවීම නිසා තමා ආර්ථික වශයෙන් පිරිහෙන හැටි. සමාජය තුළ තමාට ඇති පිළිගැනීම ආදිය වටහාදීම සඳහා උපදේශන පහසුකම් සැලසීමයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා යම් මානසික විකෘතිතාවයක්‌ මතුව තිබෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමක්‌ සිදුකරනු ලබනවා.

පුනරුත්ථාපනයෙන් පසු සාමාන්‍ය දිවියක්‌ ගත කළ හැකිද?

මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසිකව දුර්වල තත්ත්වයට පත්වීම පමණක්‌ නොව කායිකව දුර්වල වීමත් සිදු වෙනවා. ලිංගික දුබලතා ඇතිවෙනවා. ශරීරයේ සියලුම ඉන්ද්‍රිය පද්ධතියට හානි සිදුවෙනවා. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම තුළින් නිරෝගී දිවියක්‌ ගත කළ හැකියි. මත්ද්‍රව්‍ය භාවිත කරන විට තමාගේ ශරීරයේ යම් අසනීප තත්ත්වයක්‌ තිබේ නම් ඊට ප්‍රතිකාර ගන්නේ නැහැ. එවිට එම රෝගය දරුණු වෙනවා. පුනරුත්ථාපනයේදී යම් රෝගයක්‌ ඇත්නම් ඊටත් ප්‍රතිකාර ලබාගත හැකියි. එනිසා පුනරුත්ථාපනය වූ අයකුට සමාන්‍ය දිවියක්‌ ගත කරන්න අපහසු නැහැ. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන්නේ මානසික, දුර්වලතා ඇති ආත්ම ශක්‌තිය නැති අයයි. මත්ද්‍රව්‍යවලින් ඈත්වන්නේ මානසිකව ශක්‌තිමත් ආත්ම විශ්වාසයක්‌ ඇති පුද්ගලයන්.

මත්ද්‍රව්‍යවල සැබෑ තත්ත්වය වටහාගත් පුද්ගලයකු නැවත මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ නැහැ. එවැනි පුද්ගලයකුට නැවත සාමාන්‍ය ජීවිතයක්‌ ගතකරන්න පුළුවන්.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්‌ථාන මොනවාද?

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලය යටතේ කොළඹ, ගාල්ල, මහනුවර සහ නිට්‌ටඹුව යන ප්‍රදේශවල මධ්‍යස්‌ථාන හතරක්‌ තිබෙනවා. එම මධ්‍යස්‌ථානවලින් නොමිලයේ පුනරුත්ථාපන සේවා පහසුකම් ලබාගත හැකියි.

කොළඹ මධ්‍යස්‌ථානය

අංක 172, ශාන්ති මාවත, තලංගම කොස්‌වත්ත ලිපිනයේ පිහිටා ඇත. දුරකථන අංකය – 011-2788090

මෙහි ප්‍රතිකාර සිදුකරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී වසර 6 – 12 ත් අතර කාලයක්‌ ගතවූ පුද්ගලයන්ටය.

ගාල්ල මධ්‍යස්‌ථානය

උණවටුන ගාල්ල ලිපිනයේ පිහිටා ඇත.

දුරකථන අංකය – 091-2224443

මෙහි ප්‍රතිකාර සිදුකරන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී වසර 06 ක්‌ පමණ කාලයක්‌ ගතවූ පුද්ගලයන්ටය.

මහනුවර මධ්‍යස්‌ථානය

මාම්පිටියවත්ත, හන්දෙස්‌ස. මහනුවර ලිපිනයේ පිහිටා ඇත. දුරකථන අංකය -081-2315504

වයස අවුරුදු 21 ට අඩු තරුණයන් සඳහා පමණක්‌ මෙහි ප්‍රතිකාර කරනු ලැබේ.

නිට්‌ටඹුව මධ්‍යස්‌ථානය

මාහේනවත්ත ඌරාපොළ. නිට්‌ටඹුව ලිපිනයේ පිහිටා ඇත.

දුරකථන අංකය – 033 2283060

මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භ කර වසර 12 ට වැඩි පුද්ගලයන් සඳහා මෙහි ප්‍රතිකාර සිදු කරනු ලබයි.

මෙම ඕනෑම මධ්‍යස්‌ථානයක්‌ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා ක්‍ෂණික ඇමතුම් අංක 1984 මගින් පිළිවන.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සහකාර අධ්‍යක්‍ෂ (බාහිර සේවා)
ඩබ්ලිව්. මාරසිංහ

2016/09/24 දිවයින සායනය ඇසුරිනි

At the time of writing this 2016 article, it has been identified that there are around 50,000 heroin addicts in Sri Lanka. The majority of them are men between the ages of 17 and 50. If such a person is in a family, the rest of the family will live in extreme distress. They also have a huge impact on society. Most bus drivers now seem to be addicted to it. So everyone is always trying to rehabilitate a drug addict.

The article states that heroin addicts and marijuana addicts are the most common drug addicts in Sri Lanka.

How to rehabilitate a drug addict?

Many of these two are addicted to drugs in the hope that they will be happy to say that they can get it by taking drugs. But there is no happiness in taking drugs. The truth is that their feeling is temporarily dull. In the long run, it only leads to physical and mental weakness and untimely death.

Therefore, the first thing to do during rehabilitation is to find out why they want to be happy with drugs. According to the information revealed there, they are given psychological counselling. This psychological counselling is very important in getting rid of drug addicts.

Are you physically abused during rehabilitation?

This is a common misconception. Drug addicts tie trees during rehabilitation. Some say that torture is carried out by tying one’s hands and feet. That is wrong. Rehabilitation is primarily about educating the person about the physical and psychological effects of taking drugs, and how he or she is financially degraded by drug use. To provide counselling facilities to understand one’s acceptance in society.

What are the rehabilitation centres for drug addicts?

There are four centres under the National Dangerous Drugs Control Board in Colombo, Galle, Kandy and Nittambuwa. Rehabilitation services are available free of charge at these centres.

Colombo Center Located at No. 172, Shanthi Mawatha, Thalangama Koslawatta. Phone number – 011-2788090. The treatment is given to people who have been addicted to drugs for 6-12 years.

Galle Center Unawatuna is located at Galle. Phone number – 091-2224443 . The treatment is given to people who have been addicted to drugs for about 6 years.

Kandy Center Mampitiyawatta, Handesa. Located at Kandy. Phone No. -081-2315504 Only young people under the age of 21 are treated here.

Nittambuwa Center Mahenawatta Urapola. Located at Nittalambuwa address. Telephone Number – 033 2283060 It treats people over the age of 12 who have started using drugs.

For more information on any of these centres, please call 1984.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *