කනේ නිතර ‘කුරු කුරු’ ඝෝෂාවක්‌ ඇසෙනවා නම් කළ යුතු ප්‍රතිකාර (Tinnitus & Treatment)

කනේ නිතර ‘කුරු කුරු’ ඝෝෂාවක්‌ ඇසෙනවා නම් කළ යුතු ප්‍රතිකාර

මගේ කන ඇතුළින් ‘කුරු කුරු’ ගාන ශබ්ද ඇහෙනවා. ඇතැම් දෙනා පවසති. මෙලෙස කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇතිවන්නේ ඇයි දැයි කියා අපි විමසා බලමු.

කන ඇතුළින් ඝෝෂාවන් ඇති වීම බාහිර උත්තේජයක්‌ නොමැතිව යම් පුද්ගලයකුගේ කන ඇතුළතින් ඝෝෂාවක්‌ ඇසීම (tinnitus) කන් ඇසීම අඩු වීමට බලපාන ඕනෑම හේතුවකදී මතු වේ.

කන් ඇසීම අඩුවීම නිසා බාහිර පරිසරයේ ශබ්දය ඇසීම අඩු වේ. එවිට අභ්‍යන්තර කනේ හෝ කර්ණ ස්‌නායුවේ ඇතිවන අසාමාන්‍ය ස්‌නායු ආවේග ඝෝෂාවක්‌ ලෙස ඇසීමට පිළිවන. මෙම ඝෝෂාවන් හිසේ ලේ නහර තුළින් රුධිරය ගමන් කරන හඬ, බෙල්ලේ සහ හනුවල සන්ධි චලනය නිසා ඇතිවන හඬ විය හැකිය.

මෙම සියුම් ශබ්ද සාමාන්‍ය පරිසරයකදී අවට පරිසරයේ ඇති ඝෝෂාව නිසා යටපත් වේ.

කන ඇතුළතින් ඝෝෂාවන් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු දෙකක්‌ ඇත. පළමු හේතුව කනට පමණක්‌ බලපාන ගැටලු නිසා ඇතිවන ඝෝෂාවය. දෙවැනි හේතුව මුළු ශරීරයටම බලපාන ගැටලු නිසා මතුවන ඝෝෂාවය.

කනට පමණක්‌ බලපාන හේතු

වයස්‌ගත බව නිසා ඇතිවන කන් ඇසීමේ දුර්වලතා, අධික ශබ්දය නිරාවරණය වීම නිසා ඇති වන කන් ඇසීමේ ආබාධ අභ්‍යන්තර කනේ ඇතිවන මෙනිඑරෙස් රෝගය (Meniere’s disease) නිසා ආකුස්‌ටික්‌ නියෝරෝමා (Acoustic Neuroma) නමැති කර්ණ ස්‌නායුවේ ඇතිවන ගෙඩියක්‌ නිසා මැද කනේ අස්‌ථි ඝනවීම නිසා හටගන්නා ශබ්ද තරංග නිසි ලෙස කර්ණ ස්‌නායුවට ගමන් නොකිරීම (Otosclerosis) මැද කනේ ගෙඩි ඇතිවීම, බාහිර කනේ කලාඳුරු සිරවී තිබීම, මැද කනේ සහ තල්ලේ මාංශ පේශිවල ඇතිවන අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය (Eustachian tube dysfunction) වැනි හේතු නිසා කන් ඇසීමේ දුර්වලතා මතු වේ.

මුළු ශරීරයටම බලපාන හේතු

අධික රුධිර පීඩනය, නීරක්‌තය, ලියුකේමියාව, වැනි රුධිරගත රෝග ස්‌නායුගත රෝග, දියවැඩියාව, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම, අධි තයිරොයිඩ්තාවය, උණ රෝග නිසා කුඩා රුධිරවාහිනී අවහිර වී අභ්‍යන්තර කනේ සහ කර්ණ ස්‌නායුවේ ගැටලු මතුවිය හැකිය.

කුඩා දරුවන්ට ඕනෑම උණ රෝගයකදී කනේ ඝෝෂාවක්‌ මතුවිය හැකි අතර ගර්භනී මව්වරුනට ලේ ගමනාගමනයේ සිදුවන වෙනස්‌කම් නිසා ද කනේ ඝෝෂාවක්‌ මතුවිය හැකිය.

කනේ ඝෝෂාව ඇති රෝගියකු වෛද්‍ය පරීක්‍ෂාවට ලක්‌ කරන අයුරු

කනේ ඝෝෂාව ඇති බවට පවසමින් පැමිණෙන රෝගියකු පරීක්‍ෂා කිරීමේදී පළමුව වෛද්‍යවරයා රෝගියාගෙන් විමසන ප්‍රශ්න කිහිපයක්‌ ඇත.

  • ඝෝෂාව හා නාඩි වැටෙන ශබ්දය අතර සම්බන්ධයක්‌ තිබෙන්නේ දැයි කියා විමසනු ඇත. එසේ විමසන්නේ නාඩි සමඟ ඇසෙන ඝෝෂාව රුධිර සංසරණයට සම්බන්ධ බැවිනි.
  • මෙම ඝෝෂාව දවස පුරා පවතින්නේ ද නැතිනම් කඩින් කඩ ඇතිවන්නේ දැයි කියා විමසනු ලැබේ.
  • මෙම ඝෝෂාව නිසා රෝගියාගේ නින්දට බාධාවක්‌ ඇති දැයි කියා විමසනු ඇත.
  • වෙනත් රෝග සහ ගනු ලබන ඖෂධ පිළිබඳව ඝෝෂාව නිසා ජීවිතය පවා එපාවීමේ තත්ත්වයක්‌ පවතින්නේද බව විමසනු ලැබේ.

මෙම ප්‍රශ්න විමසීමේදී කනේ ඝෝෂාව මතුව ඇත්තේ කුමන හේතුවක්‌ නිසා දැයි කියා වෛද්‍යවරයාට යම් අවබෝධයක්‌ ලබාගත හැකිය. ඒ අනුව රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ යුත්තේ උගුර, කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු වෙත ද සර්වාංග රෝග වෛද්‍යවරයකු වෙත ද කියා තීරණය කරනු ලැබේ..

කනේ ඝෝෂාව ඇති රෝගියකුට සාමාන්‍යයෙන් සිදුකරන පරීක්‍ෂණ කිහිපයක්‌

රුධිර පරීක්‍ෂණ මගින් රුධිරගත සීනි මට්‌ටම, කොලෙස්‌ටරෝල් මට්‌ටම, නීරක්‌තිය පිළිබඳ පරීක්‍ෂණය, තයිරොයිඩ් හෝමෝන මට්‌ටම පරීක්‍ෂා කරනු ලැබේ.

ශ්‍රවණ, ප්‍රස්‌තාර පරීක්‍ෂාව මගින් කනේ ඝෝෂාව ඇති වීමට බලපා ඇති ශ්‍රවණ ඌණතාවය හඳුනාගත හැකිය.

සී. ටී. හෝ එම්. ආර්. අයි ස්‌කෑන් පරීක්‍ෂණ මගින් මොළයේ ගෙඩියක්‌ ඇතිදැයි කියා වටහා ගත හැකිය.

කනේ ඇතිවන ඝෝෂාවට ප්‍රතිකාර

කන් දෙකෙහම ශ්‍රවණ ඌණතාවයක්‌ ඇතිනම් ශ්‍රවණාධාර උපකරන​ ලබා දෙනු ලැබේ. කනේ ඝෝෂාව අඩු කිරීමට ඇති ශ්‍රවණාධාර උපකරන​(Hearing Aids ) ලබා දේ

නින්දට බාධා ඇතිවන අයුරින් ඝෝෂාව මතු වේ නම් කොට්‌ටය යටින් රේඩියෝවක්‌ තබා ගැනීමට උපදෙස්‌ දෙයි. එවිට රේඩියෝවට සවන් දෙන විට ඝෝෂාව අමතක වී යනු ඇත.

ඇතැම් රෝගීනට ඝෝෂාව මහත් මානසික වදයක්‌ව පවතින බැවින් ඔවුන්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාදිය යුතු වේ.

කොළඹ ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ
ශල්‍ය වෛද්‍ය විශේෂඥ
චන්ද්‍රා ජයසූරිය

2016/11/12 දිවයින සායන ඇසුරිනි

The noise inside the ear Hearing a noise inside a person’s ear without any external stimulus can occur for any reason that causes hearing loss (tinnitus) Decreased hearing in the ear reduces hearing in the external environment.

It can then be heard as an abnormal nerve impulse noise that occurs in the inner ear or cochlea. These noises can be caused by blood moving through the veins of the head, the movement of joints in the neck and jaw.

There are two main causes of noise inside the ear. The first reason is noise caused by problems affecting only the ear. The second reason is the noise caused by problems affecting the whole body.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *